Saturday, April 11, 2020

මතුවෙන පින්තාරුව

කාලයේ නිල් වනේ
නොපිපුන මල් වැලේ
මල් පිබිඳී එන්නේ

මතකයේ විල් දියේ
නොදිලුනු රළ පෙලේ
රළ නැලවී එන්නේ

ගිම්හානේ
ගිම් දාහේ
සමීරෙන්
වියැකිලා
වස්සාන
හිත්ලාන
උණුහුමක්
මතුවෙලා

සන්තානේ
සිත් මානේ
සිතුවිලිත්
පැටලිලා
පින්තාරු
කඩදහියේ
පින්තාරුවක්....
මතුවෙන්න
ඇරඹිලා



2 comments:

  1. ලස්සනයි, ලස්සනයි තව තව පිපේවා.

    ReplyDelete
  2. කාලෙකින් ආයෙ ලියන්න පටන් ගත්තා.... ස්තූතියි මේ පැත්තේ ආවට...

    ReplyDelete