Thursday, July 15, 2010

‍ෆෑන් එක

වේ‍ගෙන් කැර‍කෙන
‍පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් ‍නො‍වෙමින්
වද ‍වෙන
හදකට

පිස්සුද ඔයාට
මම දැන් ගිය‍හොත්
දාඩිය ඉතිරී
ගඳ‍වෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයා‍‍ගේ!

Sunday, July 11, 2010

දිනපු ආදරයක්....

ආදරයක් ලඟ හිත....

ආපසු එන්නට තටමන ආදරයක් ... හරි පුදුමයි නේද?

සමාජයේ මේ වාගේ සිද්ධීන් ඕන තරම් තියෙනවා, අපි නිතරම ඒවා "දැක්කට" ඒවා දිහා හරියට අපි ""බලන්නේ" නෑ කිලයි මට හිතුනේ

දවසේ මුල්ම නිර්මාණය විදිහට වෙනස් ආරක නිර්මාණයක් දාන්න හිතුනා..





පහුගිය කාලේ නම් ජාතිකාභිමාණී ගීත කියල හතු පිපෙනවා වගේ සිංදු ලංකාවේ හැදුනා. හැබැයි ඒවායෙන් කීයෙන් කීයක් සැබැවටම ඒ අරමුණ ඉටු කලාද කියන එක නම් හුඟක් අයට පොඩි කුතුහලයකට තුඩු දුන් කාරණයක් වුනා. ඔන්න මමත් ඉතින් ඒ වගේ පොඩි උත්සහයක් ගත්ත වෙලාවක කුරුටු ගාපු දෙයක් තමයි මේ.

"හැබැයි මම මේක කලේ පසුගිය අන්තිම යුද්ධය ඇරඹෙන්න නම් ඉස්සරලා"

Friday, July 9, 2010

අද දවස හමාර කරන්න ඉස්සර වෙලා මේක ලියල තියන්න හිතුනා..

ආදරී සිහිනයෙන් සරා
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා

හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්

දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ

සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්

මේක ලියන්න මුල් වුන සිද්ධිය මං දන්න කියන කෙනෙකුට හුගක්ම සමීපයි....

ආදරය සැමවිටම සත්‍යය නොවෙයි...

මේ තව එකක්....

ලෝක සාහිත්‍යයේ වුනත් බහුලවම යොදාගන්නා මාතෘකාවක් තමයි "ආදරය"

ආදරය එක්කම යන තව වචනයක් තමා විරහව...

ආදරය කියන්නේ හරි පුදුම දෙයක්...

මේකත් ටිකක් පරණයි

මේකත් ටිකක් වෙනස් තේමාවක ගත්ත එකක්...

මේක නම් ටිකක් වෙනස් තේමාවක එකක්...




මට මේක ලියන්න හිතුනේ එක දවසක් දැක්ක හුගක් දුක හතුන දර්ශනයක් හින්දයි...

මේක ටික කාලෙකට ඉස්සර ගලපපු එකක්..

කාලෙකට ඉස්සර කරපු පද රටාවක්...





සුන්දරද මෙතරම්
පිනි වැටුන මනරම්
හිමිදිරිය ඔබ නම්
පවනි වෙමි සිහිලැල්

පිනි දියේ ගිලෙන්නට
පවනැල්ලේ වෙලෙන්නට
ඔබ එනවානම්
පිනි දිය එකතු කරන
පවනැලි තුරුලු කරන්
මා ඉන්නම්

සුන්දරද මෙතරම්
සඳ පිපුන මැදියම්
පුර පෝය ඔබ නම්
තරු ලකුණ වෙන්නම්

සඳ දියේ සැතපෙන්න
තරු එළිය සිප ගන්න
ඔබ එනවානම්
සඳ දිය එකතු කරන්
තරු කැට තුරුලු කරන්
මා ඉන්නම්


ආයුබෝවන්..

ඉතින් කොහොමද?
කාලයක් තිස්සේ මම හිත හිතා හිටපු දෙයක් තමයි මේක.
කාලයක් තිස්සේ වැඩක් පලක් නැති වෙලාවට ඔහේ නිකන් කොළ කෑලි වල කුරුටු ගාපු දේවල් එක් කරලා ඔන්න මම මේකේ දැම්මා
බලලා හොදඳ කියල කියන්න අමතක කරන්න එපා.

ඉදිරියේදි මම කරපු තවත් නිර්මාණ වගයකුත් (ඡායාරූප වගේ) මේකට දාන්න හිතාගෙනයි ඉන්නේ!

එහෙනම් මගේ නිර්මාණ බලලම විවේචනයක් දෙන්නකෝ

තව දෙයක්,

ආයෙත් දවසක මේ පැත්තේ එන්න මතක ඇතුව

ආනන්දනීය සිතුවිල්ලකට ආසිරි......
සුභ දවසක් එහෙනම්!