Thursday, October 1, 2015

නරුමයෙකුගේ ආදරය



අහස ලඟට යන්න
පියගැට පෙල දෙන්න
රළ පහසින් තෙමෙන්න
මුහුද ගෙනත් දෙන්න 
ඇගේ සිනහා විඳින්න
අතීතයට යවන්න

සීතල සඳ ගිණි තියන්න
එකම එක වරක් අවසර දෙනවාද?
දිය දහරා වියලවන්න
එකම වතාවක් එන්නද සොඳුර

සිහිනයේ කිමිදෙන්න
සිහිනයක්ම වන්න
මීදුමෙන් වැසෙන්න
හන්තානය වන්න
සිපගන්නට වේදනාවේ
සියුමැලි රස වෙන්න

සීතල සඳ ගිණි තියන්න
එකම එක වරක් අවසර දෙනවාද?
දිය දහරා වියලවන්න
එකම වතාවක් එන්නද සොඳුර