Thursday, February 23, 2012


ඊයේ කළුවර නිසා
සිතුනා හෙට ආලෝකයෙන් පිරේ යැයි කියා
ඒත් ඒ හෙටත් අඳුරෙන්ම පිරිලා
තේරුනේ වර්තමානය පසු කල පසුයි!

Tuesday, February 21, 2012


එකෙකුට,



රළු අහස කළුවරයි

ජීවිතෙත් කළුවරයි

සිතුවිලිත් කළුවරයි

ඇගේ හද වාගෙමයි


තවෙකෙකුට,


මුළු අහස පැහැබරයි

ජීවිතෙත් පලබරයි

ස්නේහයත් දෝරේ යයි

ඇගේ හද නිසාමයි

Monday, February 20, 2012

අඳුර තව දුර යැයි සිතා
වියලි  බිම් කඩ එළි කලත්
සීත වැහි බිදු නැති නිසා
මුළු බිමම වියලී ගියා

මාවතට ඉම නැත යැයි සිතා
හිතේ සීමා බිද දමන්
ආශාවන් පිබිදුනා
නිමේශයකට ගැලුව ස්නේහය
සදාකාලික රූ මවා
හිතේ අද්දර මායාවන්
කැටයම් කලා

අඳුර තව ලං ලං වෙලා
අතීතයේ පව් පෙන්වවමින්
මාව තව අසරණ කලා
ජීවිතේ අනියත නිසා