Friday, September 30, 2011


සීත මද හස
මාගේ හදවත
ලඟින් ලාවට
කොඳුරලා

ඈත පායපු
තාරුකාවක්
බලන්නට අපි
යමුද කීවා!

සීත මදහස
මාගේ හදවත
ආදරෙන්
කිති කවද්දි

ඈත පායපු
තාරකාවත්
ආදරෙයි
කීවා....

Monday, June 27, 2011

දෙපා දඩු....!

සුළඟ ඇවිදින් කොඳුරමින්
කියූවත් තව්තිසාවක රහ
රූප ඡායා මැකුන
දෙපයින් කොහේ යන්නද
පාලු මයේ ගත
වාරූ දී

අඳුරු ඡායා තිබුන කාලයේ
මට නොතේරුනේ
කිමද දෙවියනි
දෙපා දඩු වල අගේ මේ සා
මහඟු යැයි!

Thursday, March 24, 2011

නුඹයි..... අහසයි.....

නිල් අහස දුර තමයි
නුඹේ හිත තරමටම.....
ඒත් එය ලස්සනයි
නුඹේ හිත වාගේම....

Saturday, February 12, 2011

වදන් නැති කවි......

කාලෙකට පස්සේ තමයි මොනව හරි බ්ලොග් එකේ දා ගන්න වෙලාවක් ආවේ....
ඒත් මෙක කාලෙක ඉස්සර කොටපු වචන ටිකක්...

Tuesday, January 18, 2011

ලා නිනා

ලා නිනා
ෆිනොමිනා
එක නිසා
හැමෝටම
කෙල විලා

දරා ගන්න බැරි තැන




මේ මම මේ වසරට මුලින්ම මගේ බ්ලොග් එකේ කුරුටු ගාන පද ටික
(ආ ඒ නිසා කියවන් බලන හැමෝටම සුභ 2011 පතනවා)
මේ දවස් වල ලංකාවටම වැහැලා ඉවර වුනා විතරයි (වගේ?) නේ
පහුගිය දවස් වල අහපු දැකපු දේවල් වලින් යමක් ලියන්න හිතුවා!
ටිකක් දුක් බරයි අවුරුද්දක මුල්ම කුරුටු ගෑවිල්ලට දාන්න- ඒත් කමක් නැ කියලා ඔන්න ඔහේ දැම්මා!