අහස ලඟට යන්න
පියගැට පෙල දෙන්න
රළ පහසින් තෙමෙන්න
මුහුද ගෙනත් දෙන්න
ඇගේ සිනහා විඳින්න
අතීතයට යවන්න
සීතල සඳ ගිණි තියන්න
එකම එක වරක් අවසර දෙනවාද?
දිය දහරා වියලවන්න
එකම වතාවක් එන්නද සොඳුර
සිහිනයේ කිමිදෙන්න
සිහිනයක්ම වන්න
මීදුමෙන් වැසෙන්න
හන්තානය වන්න
සිපගන්නට වේදනාවේ
සියුමැලි රස වෙන්න
සීතල සඳ ගිණි තියන්න
එකම එක වරක් අවසර දෙනවාද?
දිය දහරා වියලවන්න
එකම වතාවක් එන්නද සොඳුර
ලස්සනයි. ජයම වේවා!
ReplyDeleteකාලෙකින් ලියන්න පටන් ගත්තේ - මේ පාරනම් දිගටම කරනවා කියලා හිතුවා! ස්තූතියි මේ පැත්තට ආවට!
Delete