Friday, June 20, 2014

දුකින් මා

හිස ඇදුම් කයි
හිත කැඩෙන්නට ලඟ වගෙයි
ඇස් විඩාවක දුකින් ලතවෙයි
මගේ දුක මා තව පෙලයි

තෙතක් නැති
හදවතක් වෙනුවෙන්
ආල කල මා
අනුවණෙක් යැයි හන්වඩු ගසා
තවත් මා අසරණ කරන්නට
මිතුරනේ
මා සොයා එනු නම් එපා