Friday, July 9, 2010

අද දවස හමාර කරන්න ඉස්සර වෙලා මේක ලියල තියන්න හිතුනා..

ආදරී සිහිනයෙන් සරා
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා

හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්

දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ

සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්

No comments:

Post a Comment