Friday, July 9, 2010

කාලෙකට ඉස්සර කරපු පද රටාවක්...





සුන්දරද මෙතරම්
පිනි වැටුන මනරම්
හිමිදිරිය ඔබ නම්
පවනි වෙමි සිහිලැල්

පිනි දියේ ගිලෙන්නට
පවනැල්ලේ වෙලෙන්නට
ඔබ එනවානම්
පිනි දිය එකතු කරන
පවනැලි තුරුලු කරන්
මා ඉන්නම්

සුන්දරද මෙතරම්
සඳ පිපුන මැදියම්
පුර පෝය ඔබ නම්
තරු ලකුණ වෙන්නම්

සඳ දියේ සැතපෙන්න
තරු එළිය සිප ගන්න
ඔබ එනවානම්
සඳ දිය එකතු කරන්
තරු කැට තුරුලු කරන්
මා ඉන්නම්


No comments:

Post a Comment