සීත
රැය මුව ලඟට ඇවිදින්
මියුරු
පදවැල් පබදිමින්
නුඹ
ඈත හිම මත සුසුම් වැල්
පා
කරන හැටි ආදර සොවින්
මුමුණයි
මගේ දෙසවන් අගින්
කොඳ
මලක පෙති පිබිදෙන සැනින්
නුඹේ
මිහිරි මතකයේ රොන් ගලයි
මගේ
හදින් පිබිදුනු මල් මතින්
එන
සුවඳ දැනුනිද නුඹට දැං
සඳ
කැණැති ගලනා විට සෙමින්
නුඹේ
උවනේ සිරි දිය මත ඇදෙයි
සඳට
පෙම් බැදි තරුවකින්
එන
එළිය මුණ ගැසුනිද කියන්
ලෙලෙන
තුරු දළු මදහසින්
නුඹ
ලවන් මා සිත මත අදියි
මගේ
ලයෙන් ගිලිහුනු නුරාවැල්
නුඹ
සොයා ඒවී ඉක්මනින්
No comments:
Post a Comment