Saturday, May 25, 2013

දුමාරය

අඳුරු මාවතයි - සොඳුරු හීනයයි
පවන් මානයේ - ගතක් පියාඹයි
ඇසක් මැදියමේ - අතක් සොයන්නේ
මසක් ගණින්නට - හෙටක් සැහැල්ලුවේ
පහස විඳින්නයි

ගැහෙන දෙතොල් පෙති - සැලෙන හදවතින්
තවත් ලයක් මත - තුරුල ලබද්දි
හෙටක් සැහැල්ලුවේ - පහස විදින්නට
තවත් එකක් - රන් මසක් ගණින්නට

සිහින නිම්නයේ - පියඹා යන්නයි
වේදනාව - මිරිඟුවක පිහිටි සඳ
සිරුර පර කරන් - මසක් මිට අරන්
හෙටක් නැති කරන් - මායා ධූලි වලා
වෙලා පෙලා වත - මුලා වුනා නැඟණී
පෙම් බැඳි - මෝධක දුමාරයෙන්



2 comments:

  1. බර වචන නිසා ටිකක් තේරුම් ගන්න අමාරුයි මල්ලි. හැබැයි දෙපාරක් කියවන කොට පැහැදිලියි. ලස්සනයි.

    ReplyDelete