Wednesday, December 15, 2010

ඈතින් ඈතටම....



මට මේ පද ටික ලියන්න හිතුනේ කුඩාම කුඩා දරු පැටියෙකු පිලිකාවකින් මිය ගිය සිද්ධියක් නිසා.
ඒ දරු පැටිය හරියට වචන ටිකක් වත් ගැට ගහ ගන්න බැරි වයසක කිරිසප්පයෙක් - ඒත් ඉතින් මේ සොබාදහමේ හැටි එහෙම තමයි
අනිත්‍ය!

11 comments:

  1. karma vipaka walata podi, loku, bala, yharuna, mahalu........me kisiwak adala ne. api balanna onaa ai ehema wenne kiyala. me kiri sappaya monawa kalatada mehema une kiyala hamoma duk wenawa athi. e adahasa weradi. e kiri sappaya me athmayedi nam mokuth karala ne thama. namuth kalin athma wala karapu nosandala kriyawaka prathipala thamai me widiyata pala de tibenne.

    ReplyDelete
  2. මොනවා කරන්නද මචං .අපි හැමෝම මැරෙන්න ඉපදුන පවුකාරයෝ ..ඔයාගේ බ්ලොග් එකට ඔන්න මමත් ගොඩ වැදුනා ..ලස්සන අදහස් ගොඩක් මම දක්කා ..නියමයි

    ජයවේවා !!

    ReplyDelete
  3. ස්තුතියි wask ඔයාගේ අදහසට- ආගම දහමින් බැළුවොත් නම් මේක හරියටම හරි සහෝ!
    "හිස් අහස" තෑන්ක්ස් කීවා ඔයාගේ කමෙන්ටුවට - අපි ඉතින් මැරෙන්න ඉපදිච්ච උන් නම් තමයි හැබැයි මාරයා අපිව "කඩේ" යවන හැටි දැක්කහම නම් ඉතින් දුක හිතෙනවා හොදටෝම නේද?

    ReplyDelete
  4. මගේ අඩවියේ දාපු කොමෙන්ටුව තමයි මට පාර පෙන්නුවේ ඔයාගේ අඩවියට එන්න.

    අපූරු බ්ලොග් අඩවියක්.

    අපූරු අදහස් . .

    ඉඩ ලැබෙන විදිහට ඇවිත් කියවලා අදහස් දක්වලා යන්නම්.

    අහ් මාත් අවුරුදු 3ක පුංචි පුතෙක්ගේ තාත්තෙක්.

    මේ කවිය ලස්සනයි.

    අන්තිම හරිය හරිම දුක්බරයි.

    ReplyDelete
  5. ස්තුතියි දුකා
    මේ පැත්තේ ආවට - ඉඩක් ලැබෙන විදිහට ගොඩවෙලා යන්න එන්න
    දෙමාපියන්ට දරවෙක් නැතිවෙනවා වගේම දරැවෙකුට දෙමාපියන් හැර යන්න වෙනවා කියන එකත් කොච්චර දුකක්ද? - කිරිසප්පයෙකුට ලෝකේ දකින්න පටන් ගන්නකොටම- ඒත් ඒක තමා මේ ලෝකේ හැටි -ඒ නිසාම මේ ලෝකේ දිනපතා වෙනස් වෙමින් ඇදෙනවා...
    ඔයාගේ කමේන්ටුවටත් ස්තුතියි

    ReplyDelete
  6. බොහෝම සංවේදී පදපෙලක්.

    ලොව විද්‍යාව හා තාක්ෂණය පැත්තෙන් ඉහළින් ඉහළට යන්නේ ඉතා වේගයෙනි. ඒවගේම ලෝකවාසී ජනතාවගේ ශාරීරික සෞඛ්‍යතත්වය දිගින් දිගටම පිරිහේ. විද්‍යාව දියුණු නවීන කාලයේ ලොව උපදින කිරිකැටි දරුවන් 125 දෙනෙකුගෙන් සාමාන්‍යයක් සේ අයෙක් උත්පත්තියෙන්ම අසම්පූර්ණ හෘදයක් තුරුල් කරගෙන එනබව, බොහෝ දරුවන් ශ්වසන රෝගවලින් පෙලෙනබව, තවත් කොටසක් රුධිර සම්බන්ධ පිලිකා ආදී අනේක රෝගී තත්වයන් ගෙන් පෙලෙන බව අපේ සමාජයේ කී දෙනාද දන්නේ. මේ අවාසනාවන්ත තත්වයට අපේ රට ගොදුරු වෙමින් සිටී.

    දියුණුවේ හිනිපෙත්තේ ඉන්නා වූ ඇමෙරිකාවේ දෝෂ සහිතව උපදින ලදරු අනුපාතය 3% බව කලකට ඉහත ලිපියකින් කියෙවුවා මතකයි.

    ලොව දි‍යුණු විද්‍යාවන් මෙකී අවසනාවන්ත තත්වයට හේතු සොයමින් වෙහෙසෙනවා. අද අප වෙසෙන පරිසරයේ විවිධ තරංග (සිග්නල් වේව්ස්) ඒ අතර ජංගම දුරකථන, WIFI, රේඩියෝ, දුරස්ථ පාලක (රිමෝට් කොන්ට්‍රෝල්) ආදිය මගින් ඇතිකරන තරංග වල බලපෑමද තියෙන්න පුලුවනි. මීට වසර 15කට පෙර ලෙසර් ප්‍රින්ටරයක් බාවිතයට ලබා දෙන අවස්ථාවක සැලකිල්ලට ගැනුන දේවල් අද අවම වශයෙන්වත් ගනන් ගන්නේ නැහැ. ලේසර් ප්‍රින්ටර් ක්‍රියාත්මක වෙද්දි ඉන් වාතයට එක්වෙන ටෝනර් දූවිලි අවට ඉන්න අයගේ නාසය මගින් ඇඟට ඇතුලත් විය හැකියි, පෙනහලු වලට හානි කර හැකියි. එවැන්නක් ගැබිනි මවකට සිදු වුවහොත්?

    ReplyDelete
  7. හරිම අපූරුයි ඔයාගේ නිර්මාණ ටිකනම් යාළු. දිගටම ලියන්න සුභපැතුම්.

    ReplyDelete
  8. අනිත්‍යය!
    සංවේදී පද පෙළක්.
    දිගටම ලියන්න මිත්‍රයා.

    ReplyDelete
  9. ස්තුතියි ගල්මල් සහෝ
    ස්තුතියි ayesh,ස්තුතියි raven
    ලෝකේ දකින්න පෙරුම් පුරන කිරිසප්පයින් මේ වාගේ කීයක් නම් ඇතිද?

    (ඇත්තටම අද ලෝකය දියුණුවෙන සීග්‍රයෙන්ම දුක්ඛදෝමනස්සයන් ගෙනුත් ඉදිරියටම යනවා වගේ - ගල්මල් සහෝ කීවා වගේ අප අවට අද කීයක් නම් විද්‍යුත් චුම්භක තරංගද?-ඒවායෙන් අප අවට ඇතිකරන "රේඩියේශන් " ප්‍රමාණය අති මහත්- මේ මේ විද්‍යා දියුණුව ඉවක් බවන් නැතිව විශේෂයෙන් ලංකාව වගේ දියුණු වෙන රටවල් කිසිම ප්‍රමිතියකින් තොරව පිලිගැනීම නිසා අපිට දුක් විදින්න සිදුවෙන්නේ අද නෙවෙ හෙටයි ! විශේෂයෙන් පිලිකා ආදිය නිසා)

    ReplyDelete
  10. ලස්සන ලස්සන පින්තූර පොඡ්ඡවල් අකුරු කරපු ලස්සන ලියවැල් වගේ පදවැල් ගොඩක් දැක්කා.හරිම ලස්සනයි යළුවා...තවත් ලියන්න...

    ReplyDelete