Sunday, June 21, 2020


වර්චුවල් ලොවෙන්
බැස එන්න සඳවති…
මල් වදුල් පිපී
නෙත් සලයි සෙනෙහසේ
විහඟ සර සවන්
මියුලැසින් නුබ සිඹී

ඉන්ද්‍රචාපයේ
සායමින් වැසි
මන්දහාසයේ
රූපයන් දිලේ

එන්න මා ප්‍රියේ
ඇවිදින්න …
තථ්‍ය උද්‍යානයේ …


තරු වියන් සැදී
එළි පහන් මවයි සීතලේ
නිශාචර සුළං
කොඳුරමින් ගත වෙලී

අන්ධකාරයේ
කළුවරත් මැකේ
චාතුර්යයේ
දෑස් දල්වමින්

වර්චුවල් ලෝකයෙන්
මිදෙන්න සඳවති
විඳින්න ආදරේ
රියල් උද්‍යානයේ




1 comment:

  1. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete