Monday, February 20, 2012

අඳුර තව දුර යැයි සිතා
වියලි  බිම් කඩ එළි කලත්
සීත වැහි බිදු නැති නිසා
මුළු බිමම වියලී ගියා

මාවතට ඉම නැත යැයි සිතා
හිතේ සීමා බිද දමන්
ආශාවන් පිබිදුනා
නිමේශයකට ගැලුව ස්නේහය
සදාකාලික රූ මවා
හිතේ අද්දර මායාවන්
කැටයම් කලා

අඳුර තව ලං ලං වෙලා
අතීතයේ පව් පෙන්වවමින්
මාව තව අසරණ කලා
ජීවිතේ අනියත නිසා

5 comments:

  1. කලින් පදපෙල දුටුමුත් සටහනක් තියන්න ඉඩක් ලැබුනේ නැහැ. ඔබේ පදපේලි නැවත කියවන්න ලැබීම සතුටක්. ලියන්න, පල කරන්න. පුලුවන් විදියට ඇවිත් කියවනවා.

    ReplyDelete
  2. ඔව් අයියේ මම ආයෙත් ලියනවා - හැමදාම වගේ ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට

    ReplyDelete