Thursday, August 5, 2010

මව් පිය සෙනෙහස ගැන මේ හදිස්සියේ හිතිලා ලීවේ

ආදරයක් ලඟ නැවතිලා මගේ හිත
ටික මොහොතක් මට සිනහව දුන්නා
ඊලඟ මොහොතේ එය මා තනකර
පියඹලා ඈතට

ආයෙත් දවසක නාඹර ආලය
මගෙ ලඟ දැවටෙයි
රවටයි මගේ මන සිහිනය
සිත්තම් කරමින් යලි යලි

ඒ සිහිනය පරවෙයි මා ලග
හදවත ආයෙත් හීතලේ තනියම
නිනදක් අමතයි මම එහි ඇවිදියි
යන්තම් ඈතින් පෙනෙනා ඡායා
පෙලවයි මොහොතක් මගෙ ලය
ලජ්ජා සාගරයක
අම්මගේ ආලය තරමට නොවෙනස්
උපමා ඇත්දැයි තව කොතැනකවත්!

3 comments:

  1. ආසයි මමත්
    හීනයක් දෙකක්
    දකින්න ඉඳ හිට......
    ඒත් හිත බයයි
    ඇහැරෙන්න.....
    වෙන හින්ඳ
    අතරමඟ.................

    අම්මාගේ ආලය ප්‍රේමය එක්ක පටල ගන්න මමනම් එච්චරම කැමති නෑ....මොකද දෙක හරිම වෙනස්..ආදරය නම් කාට කලත් කවුරු කලත් විශ්වීයයි...නමුත් ඊට මුහුවෙන මානව හැඟීම් තැනින් තැනට වෙනස්..

    ReplyDelete
  2. මට තෙරුම් ගිය හැටියටයි පිළිතුර...කොයිතරම් ගැලපෙනවාද නම් දන්නෙ නෑ ඕං...:D

    ReplyDelete
  3. ඔයාගේ කතාව ඇත්ත යාළු.
    මට ඕන කලේ අම්මෙකුගේ නැත්නම් පියෙකුගේ ආදරය සදාකාලික බවින් වැඩියි කියන දේට මව් පිය ආදරය අමතක කරලා පෙම්වතියගෙ/පෙම්වතාගෙ ආදරය විතරක් ඇතිය කියලා පටලගත්ත කෙනෙකුගෙ ආත්ම පාපොච්චාරනයට වචන ටිකක් ගලපන්න. ඒ අපට හමුවන සමහර හුදු තාවකාලික ප්‍රේමයන්ට වඩා මව්පිය ස්නේහය ස්ථිරයිනේ.
    (හැබැයි ස්ථිර උතුම් ප්‍රේමයන් අපේ පෙම්වතියගෙන් නැත්නම් පෙම්වතාගෙන් නොලැබෙනවා නොවෙයි නේ)
    බොහොම ස්තුතියි ඔයාගේ විවේචනයට මොකද මට නොහිතුන තැන් කීපයක්ම ඔයා මට පෙන්නලා දුන්නා
    ප.ලි.
    මම හදිසියේ ලියුව නිසා ඒ තරම්ම සාර්ථකත් නැතුව ඇති...

    August 6, 2010 12:25 AM

    ReplyDelete