නාරී රූ පිරූ
ලලනාවියේ
ගත දුටු මොහොතේ
මගේ ලය බැඳුනේ...
විඳ ගන්නයි
ඔය පහස
මේ වනයේ දී
මා හරි පෙම්බරයි
දරදඬුයි
ආදරණීයම සොරදෙටුවා මමයි
සමුරායී
මා මෙන් ප්‍රේමවන්ත නෑ
මට මෙන් රාගී වෙන්න බෑ
නුබ ගත සරසවන්න බෑ
නුඹේ හිත සතපවන්නේ නෑ
සමුරායී
නුඹ නලවන්න දන්නේ නෑ
නිදහස දෙන්න එන්නේ නෑ
නුඹ වෙත ආලවන්ත නෑ
නුඹට ගැලපෙන්නේම නෑ
මතකද මා...
ටජිමාරෝ...
දරදඬු ආලවන්තයා
ඔබ සැනසූ....
විදින්න තව මොහොතක්
එනවද
රශෝමාන් දොරටුව ලඟටවත්
එනවද……?
හරි සීතලයි
තුරුළු වෙන්නට ආසයි
හැඟුම් අවදිව බලා ඉන්නෙත්
එනතුරා
ස්නේහයේ ලිය වැල් සරා
සඳ කැන් ගලා
ඔච්චම් කලා
තනි යහන
ඉඩ කඩ වැඩි නිසා
හරි කම්මැලියි
පෙම් පබදින්න ආසයි
වදන් ගුලි වී බලා ඉන්නෙත්
එනතුරා
නුරාබස් සිපගනු නියා
පවනැල් එතී
හිනැහී ගියා
තනි ලයට
උණුහුම මදි නිසා
හරි ලස්සනයි
ඇවිද යන්නට ආසයි
දෑත් විහිදා බලා ඉන්නෙත්
එනතුරා
යෞවනී හද සැරි සරා
තුරු මල් පිපි
ඉඟි බිඟි කලා
පිණි පලසේ
තනිවම ඇවිදින නිසා
ආදරේ මාවතේ
ප්‍රේමයෙන් නෑ වෙවී
සෘංගාර
මන්දාරමේ
මන් සොයා ඇදෙන්න
පෙම්වතී…
මල් පිපෙන්නේ
රොන් පිරෙන්නේ
පෑයුවොත්නේ
අහසේ සඳවතී
නිල දිලෙන්නේ
නල හමන්නේ
පිරුනොතින්නේ
සීතේ වසුමති
හිත සොයන්නේ
හද අහන්නේ
එනතුරානේ
මගේ පෙම්වතී...
කාලයේ නිල් වනේ
නොපිපුන මල් වැලේ
මල් පිබිඳී එන්නේ
මතකයේ විල් දියේ
නොදිලුනු රළ පෙලේ
රළ නැලවී එන්නේ
ගිම්හානේ
ගිම් දාහේ
සමීරෙන්
වියැකිලා
වස්සාන
හිත්ලාන
උණුහුමක්
මතුවෙලා
සන්තානේ
සිත් මානේ
සිතුවිලිත්
පැටලිලා
පින්තාරු
කඩදහියේ
පින්තාරුවක්....
මතුවෙන්න
ඇරඹිලා