තුරුළු වෙන්නට ආසයි
හැඟුම් අවදිව බලා ඉන්නෙත්
එනතුරා
ස්නේහයේ ලිය වැල් සරා
සඳ කැන් ගලා
ඔච්චම් කලා
තනි යහන
ඉඩ කඩ වැඩි නිසා
හරි කම්මැලියි
පෙම් පබදින්න ආසයි
වදන් ගුලි වී බලා ඉන්නෙත්
එනතුරා
නුරාබස් සිපගනු නියා
A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
හිස ඇදුම් කයි
හිත කැඩෙන්නට ලඟ වගෙයි
ඇස් විඩාවක දුකින් ලතවෙයි
මගේ දුක මා තව පෙලයි
තෙතක් නැති
හදවතක් වෙනුවෙන්
ආල කල මා
අනුවණෙක් යැයි හන්වඩු ගසා
තවත් මා අසරණ කරන්නට
මිතුරනේ
මා සොයා එනු නම් එපා