A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
Thursday, July 22, 2010
Tuesday, July 20, 2010
මල්
හැංගෙන්න මල් එක්ක
සුවඳත් අරන්
මුමුණන්න මට ලංව
රහසින් මුවින්
ඔබ එන්න
මං ඉන්නවා ඈත
ආකාශයේ
තරු එක්ක
රන් හීන
පුරවං සිතින්
සුවඳත් අරන්
මුමුණන්න මට ලංව
රහසින් මුවින්
ඔබ එන්න
මං ඉන්නවා ඈත
ආකාශයේ
තරු එක්ක
රන් හීන
පුරවං සිතින්
Thursday, July 15, 2010
ෆෑන් එක
වේගෙන් කැරකෙන
පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් නොවෙමින්
වද වෙන
හදකට
පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් නොවෙමින්
වද වෙන
හදකට
පිස්සුද ඔයාට
මම දැන් ගියහොත්
දාඩිය ඉතිරී
ගඳවෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයාගේ!
මම දැන් ගියහොත්
දාඩිය ඉතිරී
ගඳවෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයාගේ!
Monday, July 12, 2010
Sunday, July 11, 2010
දවසේ මුල්ම නිර්මාණය විදිහට වෙනස් ආරක නිර්මාණයක් දාන්න හිතුනා..
පහුගිය කාලේ නම් ජාතිකාභිමාණී ගීත කියල හතු පිපෙනවා වගේ සිංදු ලංකාවේ හැදුනා. හැබැයි ඒවායෙන් කීයෙන් කීයක් සැබැවටම ඒ අරමුණ ඉටු කලාද කියන එක නම් හුඟක් අයට පොඩි කුතුහලයකට තුඩු දුන් කාරණයක් වුනා. ඔන්න මමත් ඉතින් ඒ වගේ පොඩි උත්සහයක් ගත්ත වෙලාවක කුරුටු ගාපු දෙයක් තමයි මේ.
"හැබැයි මම මේක කලේ පසුගිය අන්තිම යුද්ධය ඇරඹෙන්න නම් ඉස්සරලා"
Friday, July 9, 2010
අද දවස හමාර කරන්න ඉස්සර වෙලා මේක ලියල තියන්න හිතුනා..
ආදරී සිහිනයෙන් සරා
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා
හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්
දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ
සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්
ඉගිලිලා එන්න මා සොයා
සරාගී බැල්ම මා දවා
ඉගිලිලා යන්න නම් එපා
හද විලේ කැලතෙනා හැඟුම්
ආදරෙන් සතපමින්
මාලති මල් රටා මැදින්
ඉන්න මා ලඟ සිතින්
දිය කිඳුරියන්ගෙන් මිදී
පුංචි හිම ලෝකයේ
හිමම හිම කුමරියක් වෙලා
ඉන්න හද මානයේ
සීතලෙන් ලං වෙනු බලා
දෙව්ලියෝ මල් රටා ඉසී
ඒ රටාවන් පාට දා
අදින්නම් ඔබ සිත් මතින්
කාලෙකට ඉස්සර කරපු පද රටාවක්...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmGsas3QnZ45Xc2SqvQRvdLdkGwNgJr0cOkvrB5MjF7pkHGuPtyhkbn2t-7X5O47fsdmmv_g4r2gi0yYo7f__MdPTYFPpdkNpU9Hir-Nzrtjew04TNyETzIKFbNbEdzHS5xy4WuFooY32n/s400/poem9.png)
සුන්දරද මෙතරම්
පිනි වැටුන මනරම්
හිමිදිරිය ඔබ නම්
පවනි වෙමි සිහිලැල්
පිනි දියේ ගිලෙන්නට
පවනැල්ලේ වෙලෙන්නට
ඔබ එනවානම්
පිනි දිය එකතු කරන
පවනැලි තුරුලු කරන්
මා ඉන්නම්
පිනි වැටුන මනරම්
හිමිදිරිය ඔබ නම්
පවනි වෙමි සිහිලැල්
පිනි දියේ ගිලෙන්නට
පවනැල්ලේ වෙලෙන්නට
ඔබ එනවානම්
පිනි දිය එකතු කරන
පවනැලි තුරුලු කරන්
මා ඉන්නම්
සුන්දරද මෙතරම්
සඳ පිපුන මැදියම්
පුර පෝය ඔබ නම්
තරු ලකුණ වෙන්නම්
සඳ දියේ සැතපෙන්න
තරු එළිය සිප ගන්න
ඔබ එනවානම්
සඳ දිය එකතු කරන්
තරු කැට තුරුලු කරන්
මා ඉන්නම්
සඳ පිපුන මැදියම්
පුර පෝය ඔබ නම්
තරු ලකුණ වෙන්නම්
සඳ දියේ සැතපෙන්න
තරු එළිය සිප ගන්න
ඔබ එනවානම්
සඳ දිය එකතු කරන්
තරු කැට තුරුලු කරන්
මා ඉන්නම්
ආයුබෝවන්..
ඉතින් කොහොමද?
කාලයක් තිස්සේ මම හිත හිතා හිටපු දෙයක් තමයි මේක.
කාලයක් තිස්සේ වැඩක් පලක් නැති වෙලාවට ඔහේ නිකන් කොළ කෑලි වල කුරුටු ගාපු දේවල් එක් කරලා ඔන්න මම මේකේ දැම්මා
බලලා හොදඳ කියල කියන්න අමතක කරන්න එපා.
ඉදිරියේදි මම කරපු තවත් නිර්මාණ වගයකුත් (ඡායාරූප වගේ) මේකට දාන්න හිතාගෙනයි ඉන්නේ!
එහෙනම් මගේ නිර්මාණ බලලම විවේචනයක් දෙන්නකෝ
තව දෙයක්,
ආයෙත් දවසක මේ පැත්තේ එන්න මතක ඇතුව
ආනන්දනීය සිතුවිල්ලකට ආසිරි......
සුභ දවසක් එහෙනම්!
Subscribe to:
Posts (Atom)